කේන්දර සටහන්

🔮 ජන්ම පත්‍රය ⚖️ ග්‍රහ බල තත්වයන් ☸️ වර්ග කේන්දර ⛩️ භාව කේන්දරය 📅 වාර්ෂික කේන්දරය

අපල සහ කාල

🌀 අතුරු දශා 🔭 ගෝචර පලාපල 🪐 ඒරාෂ්ඨක ⚔️ කුජ දෝෂ 🐍 කාල සර්ප

ගැලපීම් සහ මුහුර්ත

❤️ පොරොන්දම් 👑 මහා පොරොන්දම් ⏳ සුබ මුහුර්ත ☀️ පංචාංගය

අමතර සේවා

💎 සුබ මැණික් 📝 නමේ අකුරු 🔢 සංඛ්‍යා විද්‍යාව 💳 මිල ගණන්

ස්ථාන මාරු කේන්දරය (Relocation Charts) ගැන දැනගනිමු

විදේශ ගතවීමට පෙර ඔබ උපන් මොහොත පදනම් කරගෙන නව රටට අදාළව ඔබේ කේන්දරය වෙනස්වන ආකාරය දැනගන්න.

උපන් තොරතුරු සහ ගමනාන්තය

* ඔබ ශ්‍රී ලංකාවේ ඉපදුණු වේලාවම මෙහි ලබා දෙන්න. අපි එය ස්වයංක්‍රීයව අදාළ රටේ වේලාවට සකසා කේන්දරය විශ්ලේෂණය කරන්නෙමු.

විදේශ ගමන් වලට සුබද? (Relocation Astrology)

අද කාලයේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි “මට පිටරට යන්න වාසනාව තියෙනවද?” නැත්නම් “මම ගියොත් එහේ පදිංචි වෙන්න (PR ගන්න) පුළුවන් වෙයිද?” කියන එක. සමහරු කීප සැරයක්ම ට්‍රයි කරලත් වීසා (Visa) රිජෙක්ට් වෙනවා. තවත් අයට රට ගියාට පස්සේ රස්සාවක් නැතුව ආපහු ලංකාවටම එන්න සිද්ධ වෙනවා. මේ හැමදේටම හේතුව ඔයාගේ කේන්දරේ තියෙන විදේශ ගමන් යෝග සහ අපල අදාළ වෙන විදිහයි.

රීලොකේෂන් ඇස්ට්‍රොලොජි (Relocation Astrology) නැත්නම් මව්බිමෙන් පිටවෙලා වෙනත් රටකට යන එක ගැන බලන ජ්‍යොතිෂ අංශයෙන් ඔයාට හරියටම කියන්න පුළුවන් මේ කාලේ රට යන්න හොදද, ගියොත් සාර්ථක වෙන්න පුළුවන්ද කියලා.

කේන්දරේ රට යන්න තියෙන යෝග මොනවද?

පිටරට ගමනක් සාර්ථක වෙන්න නම් අපේ කේන්දරේ භාවයන් කීපයක් ගොඩක් බලවත් වෙන්න ඕනේ. ගොඩක්ම බලන්නේ 9 වැන්නයි 12 වැන්නයි.

  • 9 වැන්න: මේකෙන් බලන්නේ දිගු දුර ගමන්. ඒ කියන්නේ සංචාරකයෙක් විදිහට, නැත්නම් ඉගෙනගන්න කෙටි කාලෙකට රට යන්න පුළුවන්ද කියන එක. කුජ (අඟහරු) වගේ ග්‍රහයෙක් 9 වැන්නේ ඉන්නවනම් ඔයාට ලේසියෙන්ම පිටරට යන්න අවස්ථාව ලැබෙනවා.
  • 12 වැන්න: 12 වැන්න කියන්නේ උපන් බිමෙන් වෙන් වීම. ඔයාට වෙන රටක සදහටම පදිංචි වෙන්න (PR) හරි, හුඟක් කල් ඉන්න හරි ඕනේ නම් 12 වැන්නාධිපති ලග්නයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම අයට ලංකාවේ ඉන්නවට වඩා පිටරට ගියාම මාර දියුණුවක් ලබන්න පුළුවන්.
  • රාහු ග්‍රහයා: විදේශ ගමන් වලට ප්‍රධානම ග්‍රහයා තමයි රාහු! රාහු ලග්නේ හරි 12 වැන්නේ හරි, නැත්නම් සඳුත් එක්ක හරි ඉන්නවා නම්, ඒ කෙනා අනිවාර්යයෙන්ම කාලයක් හරි රට ඉන්න කෙනෙක් වෙනවා.

රට ගිහින් අසාර්ථක වෙන්නේ ඇයි?

සමහරු ලොකු සල්ලියක් වියදම් කරගෙන වෙන රටකට ගිහින් අන්තිමේදී රැකියාවක් නැතුව හරි, ලෙඩ රෝග හැදිලා හරි ආපහු එනවා. මේකට ප්‍රධානම හේතුව අසුබ දශා කාලයකදී තීරණ ගැනීමයි. උදාහරණයක් විදිහට සෙනසුරු ඒරාෂ්ටකයක් දුවන කාලෙක, 8 වැන්නාධිපතිගේ කාලෙක රට ගියොත් අනිවාර්යයෙන්ම කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා වීසා දාන්න කලින් මේ වාර්තාව අරගෙන, ඔයාගේ අසුබ කාලේ ඉවර වෙනකන් ටිකක් ඉවසලා ඉන්න එක තමයි නුවණට හුරු.

Astrocartography තාක්ෂණය කියන්නේ මොකක්ද?

මේක ගොඩක් අය නොදන්න අලුත් ජ්‍යොතිෂ ක්‍රමයක්. Astrocartography කියන්නේ ඔයාගේ උපන් කේන්දරේ වෙනත් රටකට ගියාම වෙනස් වෙන විදිහ. උදාහරණයක් විදිහට ලංකාවේදී දුර්වල වෙලා ඉන්න ඔයාගේ ධන කාරක ග්‍රහයා, ඔයා ඕස්ට්‍රේලියාවට (Australia) හරි කැනඩාවට (Canada) හරි ගියාම ගොඩක් බලවත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ලෝකේ මොන රටට ගියොත්ද ගොඩක්ම සල්ලි හම්බවෙන්නේ, සතුටින් ඉන්න පුළුවන් කියන එක මේ Astrocartography සිතියමෙන් අපිට හොයාගන්න පුළුවන්.

නිතර අසන ප්‍රශ්න (FAQ)

1. මට PR එක ගන්න කවදාවත් බැරි වෙයිද?
12 වැන්නයි 4 වැන්නයි එක්ක ලොකු සම්බන්ධයක් නැත්නම් ස්ථිර පදිංචියක් ලැබෙන්න අමාරුයි. හැබැයි 9 වැන්න හරහා ගිහින් අවුරුදු කීපයක් වැඩ කරගෙන එන්න පුළුවන්.

2. මගේ වීසා එක රිජෙක්ට් වුණා. ආයෙ කවදද දාන්න හොදම කාලේ?
මෙතනින් කේන්දරේ බලලා, ඔයාගේ ගුරු සහ රාහු මහ දශා / අන්තර් දශා එන කාලේ බලලා වීසා එකට ඇප්ලයි කරන්න. එතකොට අනිවාර්යයෙන්ම සම්මත වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

3. විදේශ ගමන් සාර්ථක කරගන්න මොනවා හරි දේවල් තියෙනවද?
ඔව්, බ්‍රහස්පතින්දා දවස් වල කහ පාට ඇඳුම් අඳින එක, යන්ත්‍ර පළඳින එක සහ ගම්මිරිස් දාපු කෑම දන් දෙන එක වගේ දේවල් වලින් විදේශ ගමන් වලට තියෙන බාධා අඩුවෙනවා.