ඔබට හරියටම ගැලපෙන මැණික් ගල මොකක්ද? (Gemstones Astrology)
ඔයාලා දන්නවද මැණික් ගලක් පළඳින එකෙන් අපේ ජීවිතේට කොච්චර ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද කියලා? ගොඩක් අය හිතන්නේ මැණික් කියන්නේ ලස්සනට දාන ආභරණයක් විතරයි කියලා. හැබැයි ජ්‍යොතිෂයට අනුව, අපේ කේන්දරේ තියෙන ග්‍රහ අපල අඩු කරගන්න වගේම, අපිට උපතින්ම ලැබිලා තියෙන වාසනාව තවත් වැඩි කරගන්න පුළුවන් ප්‍රබලම ක්‍රමයක් තමයි නිවැරදි මැණික් ගලක් පළඳින එක.
හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි, යාලුවෙක්ට හරි ගිය පළියට අපිට ඒ මැණික් ගලම හරියන්නේ නැහැ. ඔයාගේ උපන් වෙලාවට අනුව ඔයාටම හරියන, ඔයාගේ ලග්නයට ගැලපෙන ජාතියේ මැණික් ගලක් තෝරාගන්න එක තමයි ගොඩක්ම වැදගත්.
ග්‍රහයනුයි මැණික් වලිනුයි වෙන දේ
අහසේ ඉන්න නවග්‍රහයන්ගෙන් එන කිරණ අපේ ඇඟට උරාගන්න එක තමයි මේ මැණික් වලින් කරන්නේ. ඉතින් ඔයාගේ කේන්දරේ හොදම ග්‍රහයා කවුද කියලා හොයලා, එයාට අදාළ මැණික් ගල පැළඳුවාම ඒ ග්‍රහයාගේ ශක්තිය අපිට ඩබල් වෙලා ලැබෙනවා:
- රවි ග්‍රහයාට පද්මරාග (Ruby): ඔයාට සමාජයේ මොකක් හරි කැපී පෙනෙන තැනකට යන්න ඕනේ නම්, නායකත්වයක් ගන්න ඕනේ නම් රවිට අදාළ පද්මරාග ගලක් පළඳින්න පුළුවන්. මේකෙන් ඔයාගේ ආත්ම විශ්වාසය ගොඩක් වැඩිවෙනවා.
- සඳුට මුතු (Pearl): ගොඩක් ඉක්මනට කේන්ති යන, මානසික පීඩනයෙන් ඉන්න අයට මුතු පළඳින එක ගොඩක් ගුණයි. මේකෙන් හිතට මාර නිදහසක්, සන්සුන්කමක් ලැබෙනවා.
- බ්‍රහස්පතිට පුෂ්පරාග (Yellow Sapphire): සල්ලි ප්‍රශ්න තියෙන අයට, සල්ලි ඉතිරි වෙන්නේ නැති අයට වගේම විවාහය පරක්කු වෙන අයට පුෂ්පරාග ගලක් දාන එකෙන් ලොකු වාසනාවක් උදාවෙනවා කියලා ජ්‍යොතිෂයේ කියනවා.
- සෙනසුරුට කාක නිල් (Blue Sapphire): මේක ටිකක් ප්‍රබල ගලක්. සෙනසුරුගේ අපල තියෙන අයට හරියටම බලලා මේක දැම්මොත් ජීවිතේ හිතාගන්න බැරි තරම් ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. හැබැයි වරදින විදිහට දැම්මොත් ලොකු කරදර වෙන්නත් පුළුවන්.
අපල වලට විතරද මැණික් දාන්නේ?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මොකක් හරි කරදරයක්, ලෙඩක් දුකක් හැදුනම විතරයි මැණික් දාන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි! ඔයාට කිසිම අපලයක් නැති කාලෙක වුණත්, ඔයාගේ කේන්දරේ යෝගකාරක (වාසනාවන්තම) ග්‍රහයාට අදාල මැණික් ගලක් පැළඳුවොත් ඔයාගේ ව්‍යාපාර දියුණු කරගන්න, ඉක්මනට රස්සාවක් හොයාගන්න වගේම අතමිට සරු කරගන්නත් පුළුවන්.
මැණික් පළඳිනකොට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්
නිකන්ම කඩේකට ගිහින් ගලක් අරන් මුද්දකට දාලා දැම්මා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකේ නියම ගුණය ලැබෙන්න නම්:
- අනිවාර්යයෙන්ම ගල කපලා තියෙන විදිහ අනුව ගලේ යට පැත්ත අතේ සමේ වදින විදිහට මුද්ද හදන්න ඕනේ.
- සෑම ගලකටම නියමිත බරක් (කාරට් ගාණක්) තියෙනවා. කේන්දරේ බලලා ඔයාගේ වයසටයි බරටයි හරියන කාරට් ගාණ තෝරාගන්න ඕනේ.
- හරියටම සුබ දවසක, සුබ නැකතකින් තමයි මේ මුද්ද ඇඟිල්ලට දාන්න ඕනේ. (උදාහරණයක් විදිහට පුෂ්පරාග ගලක් නම් බ්‍රහස්පතින්දා දවසක උදේ වරුවේ දාන එක තමයි වඩාත් සුබ).
නිතර අසන ප්‍රශ්න (FAQ)
1. මගේ ලග්නෙට හරියන ගලක් මම නිකන් අරන් දැම්මට කමක් නැද්ද?
එහෙම කරන එක ගොඩක් අවදානම්. ලග්නේ විතරක් නෙවෙයි ලග්නාධිපති ඉන්න තැන, දෘෂ්ටි වගේ ගොඩක් දේවල් බලලා තමයි හරියටම ගලක් තීරණය කරන්නේ. නැත්නම් ඔයාට නොගැලපෙන ගලක් දාලා නැති ලෙඩ හැදෙන්නත් පුළුවන්.
2. කොච්චර ඉක්මනට ප්‍රතිඵල ලැබෙනවද?
සාමාන්‍යයෙන් මැණික් ගලක් පැළඳුවට පස්සේ දවස් 30ක් 45ක් ඇතුළත ඒකේ කිරණ අපේ ඇඟට උරාගෙන අපිට වෙනස්කම් දැනෙන්න පටන් ගන්නවා.
3. මම දාන්න ඕනේ ඇඟිල්ල මොකක්ද කියලා දැනගන්නේ කොහොමද?
මෙතන තියෙන අපේ මැණික් පරීක්ෂාවෙන් ඔයාගේ කේන්දරේ බැලුවම, හරියටම ඔයාට ගැලපෙන පළඳින්න ඕනේ මැණික් ගල මොකක්ද, කාරට් කීයක් වෙන්න ඕනෙද, අල්ලන්න ඕනේ රත්තරන්ද රිදීද, පළඳින්න ඕනේ මොන ඇඟිල්ලටද කියන ඔක්කොම සවිස්තරාත්වකව ඔයාට බලාගන්න පුළුවන්!