පොරොන්දම් ගැලපීම (Kundali Matching) යනු කුමක්ද?
විවාහයකට පෙර පොරොන්දම් බලන්නේ ඇයි?
පොරොන්දම් පරීක්ෂාව යනු පැරණි ඉසිවරයන් විසින් සොයාගත් ඉතා සාර්ථක ක්‍රමවේදයකි. විවාහ අපේක්ෂක යුවලකගේ ජන්ම පත්‍ර (කේන්දර) දෙකක් ගෙන ඔවුන්ගේ චරිත ස්වභාවය, ශාරීරික ගැලපීම, දරුඵල, සහ අනාගත දියුණුව කොතරම් දුරට ගැළපේද යන්න මෙයින් තීරණය වේ.
මූලික පොරොන්දම් 20 මොනවාද?
නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්ත්‍රී දීර්ඝ, යෝනි, රාශි, රාශ්‍යාධිපති, වශ්‍ය, රජ්ජු, වේධ, ආදී වශයෙන් ප්‍රධාන පොරොන්දම් 20ක් ඇත. මීට අමතරව අෂ්ටකූට සහ දශකූට ක්‍රම වලටද ගැලපීම් පරීක්ෂා කෙරේ. හොඳ විවාහයකට පොරොන්දම් 20 න් 10 කට වඩා ගැලපීම සුබ යැයි සැලකේ.
පොරොන්දම් ගැලපුන පමණින්ම විවාහය සාර්ථක වේද?
නැත. පරොන්දම් යනු මූලික ගැලපීම පමණි. ඊට පසු කුජ දෝෂය (Manglik), සෙනසුරු ඒරාෂ්ඨක, සහ 7 වැන්නාධිපතිගේ තත්වය ආදී කේන්දරයේ ඇති වෙනත් ප්‍රබල ග්‍රහ දෝෂ පිළිබඳවද විශේෂයෙන් පරීක්ෂා කළ යුතුය.